Trending Newsඑසැන පුවත්දේශීය

සජබ මන්ත්‍රීගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකිව, මාලිමාවට බලය හිමි බලංගොඩ නගර සභා රැස්වීම කල් තබයි

ජාතික ජන බලවේගයට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ මාසික රැස්වීම ඊයේ (14 වැනිදා) දින නියමයකින් තොරව කල්තැබීමට වැඩබලන සභාපති පේෂල නිකලන්ද තීරණය කර තිබේ.

ඒ මෙම රැස්වීමේදී සමගි ජන බල වේගයේ මන්ත්‍රි හර්ෂණ හෙට්ටිආරච්චි ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දීමට යෑමේදී වැඩබලන සභාපතිවරයා සහ විපක්ෂ මන්ත්‍රිවරුන් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් හේතුවෙනි. මේ අතර ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් නගර සභාවේ ලේකම්වරිය සභා රැස්වීමෙන් ඉවත් වූ අතර, කාර්ය මණ්ඩලයද තාවකාලිකව සේවයෙන් ඉවත් විය. එම අවස්ථාවේදී නගර සභාවට විදුලියද විසන්ධි වූ බවද වාර්තා වේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ වැඩබලන සභාපති පේෂල නිකලන්ද පැවසුවේ, සභාව ආරම්භ කළ අවස්ථාවේ සිටම විපක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන් විවිධ තර්ක නගමින් සභාව කරගෙන යෑමට බාධා ඇති කළ බවත්, එම උණුසුම් තත්ත්වය නිසා ලේකම්වරිය සහ සේවක පිරිස ඉවත් වීමෙන් සභාව තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි වූ බැවින් දින නියමයකින් තොරව කල් තැබීමට තීරණය කළ බවත්ය.

(අරුණ)

Related posts

SLC நிதிப் பரிமாற்றங்கள் தொடர்பில் தடவியல் அறிக்கை சமர்பிக்க உத்தரவு

Mohamed Dilsad

எவன்கார்ட் வழக்கு ஒத்திவைப்பு

Mohamed Dilsad

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර වෛද්‍යවරයෙක්ට

Editor O

Leave a Comment