අපොස සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගයේ ප්‍රවේශපත්‍ර බාගත කිරීම සහ සංශෝධන සම්බන්ධයෙන් විභාග කොමසාරි ජනරාල් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත..
ඒ අනුව පෞද්ගලික අපේක්ෂකයින් තම ප්‍රවේශපත්‍රවල සංශෝධනයක් තිබේ නම් වෙබ් අඩවියට පිවිස තම ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර සංශෝධනය කරගත යුතුය.
සංශෝධනය සිදුකිරීම 2026.02.10 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් කෙරේ. සංශෝධන දිනය නැවත දීර්ඝ නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි මස 17 වන දින සිට 26 වන දින දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,545කදී පැවැත්වේ.
මෙවර විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර මේ වනවිට අදාළ පාසල් අයත් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ලබාදී ඇති අතර, සියලුම විදුහල්පතිවරුන් තම පාසලට අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය / සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රවේශපත්‍ර භාරගත යුතුය
.පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට තැපැල් මඟින් යොමු කරනු ඇත.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍රවල යම් සංශෝධනයක් ඇත්නම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තවේ www.doenets.lk වෙබ් අඩවියෙන් විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය උපයෝගී කරගෙන ගිණුමට ප්‍රවේශ වී අදාළ සංශෝධනය සිදුකළ යුතුය.
වැඩි විස්තර පහත දුරකථන අංක ඇමතීමෙන් හෝ විද්යුත් තැපෑලෙන්.
ක්ෂණික ඇමතුම් අංකය – 1911
දුරකථන අංකය – 0112784208, 0112784537
ෆැක්ස් අංකය – 0112784422
විද්‍යුත් තැපෑල – gceolexamsl@gmail.com
