Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවරණ අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක්

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකකට අදාළව පෙනී නොසිටීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (02) නියෝග කර තිබේ.

මෙම නඩු ද්විත්වය 2008 වර්ෂයේ සිට මන්ත්‍රීවරයාට එරෙහිව පවති.

මීට පෙර මෙම නඩු විභාගයට ගත් අවස්ථාවේදී ද මන්ත්‍රීවරයා අධිකරණයට පැමිණ සිටියේ නැත. 

එදින ඔහුගේ නීතිඥවරයා කරුණු දක්වමින් ප්‍රකාශ කළේ ඉඩම් බෙදාදීමේ රජයේ නිල වැඩසටහනකට සහභාගී වීම නිසා තම සේවාදායකයාට පැමිණිය නොහැකි වූ බවයි.

එසේ වුවද, අද (02) දින නඩුව යළි කැඳවූ අවස්ථාවේදී ද සැකකාර මන්ත්‍රීවරයා අධිකරණය මඟහැර සිටීම හේතුවෙන්, ඔහුව වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා මෙලෙස වරෙන්තු නිකුත් කළේය.

Related posts

Sri Lanka partners with US to end HIV/AIDS in country by 2025

Mohamed Dilsad

பகிரங்க மன்னிப்பு கேட்ட பிரபல பின்னணிப் பாடகர் உதித் நாராயணனின் மகன்

Mohamed Dilsad

இளம் ஜோடி செய்த காரியம்-காவற்துறையினரால் கைது

Mohamed Dilsad

Leave a Comment