Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් – සජිත් හමුවක්

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පෞද්ගලික උත්සව ශාලාවකදී ඊයේ (01) පැවැත්වින.

එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයේදී. එම හමුව පැවැත්වින.

පිළියන්දල ප්‍රදේශයේ හෝටලයක පැවති මෙම උත්සවය සඳහා රනිල් – සජිත් දෙදෙනාටම ආරාධනා කර තිබූ අතර ඔවුන්ට ආසන පනවා තිබී ඇත්තේ ද එකම මේසයක ය.

ඒ අනුව පැයකට ආසන්න කාලයක් දෙපාර්ශ්වය සුහද සාකච්ඡාවක නිරත වී සිට ඇති අතර රාජිත සේනාරත්න, මනෝ ගනේෂන්, වජිර අබේවර්ධන, ලක්ෂ්මන් ෆොන්සේකා ඇතුළු පිරිසක් ද එම මේසයෙහි අසුන්ගෙන සිට ඇත.

Related posts

Kandy Esala Perahera Festival begins tomorrow

Mohamed Dilsad

Maldivian President extends support to SL

Mohamed Dilsad

Neymar named in Brazil’s 23-man squad

Mohamed Dilsad

Leave a Comment