Trending Newsඑසැන පුවත්දේශීය

සුවසැරිය මළගමට පුනරුද ආණ්ඩුව සියල්ල සූදානම් කරයි : ප්‍රධාන විධායක නිලධාරීයෙක් බඳවා ගැනීමට පුවත්පත් දැන්වීමක්

සුවසැරිය 1990 ගිලන් රථ සේවාවේ නාමයෙන් “සුවසැරිය” යන වචනය ඉවත් කරමින්, එහි ලාංඡනය සහ වර්ණ වෙනස් කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා රජයට දැඩි චෝදනා එල්ල කරයි.

පුවත්පතක පළකළ දැන්වීමක් ගෙන දක්වමින් සිය X ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා ප්‍රශ්න කරන්නේ, මෙම නාම වෙනස් කිරීම නිල වශයෙන් සිදු කර ඇත්ද යන්නයි.

නව නාමය වන “1990 ශ්‍රී ලංකා හදිසි වෛද්‍ය සේවාව” මගින් මෙම සේවාව ‘හදිසි සහ පූර්ව රෝහල් සත්කාර’ සේවාවක් ලෙස හඳුන්වා දීම නීතිමය වශයෙන් බරපතල ගැටලු මතුවන බව හෙතෙම පෙන්වා දෙයි.

මන්ත‍්‍රීවරයා අවධාරණය කරන්නේ, මෙම සේවාව ස්ථාපිත කරන ලද්දේ 2018 අංක 18 දරන 1990 සුවසැරිය පදනම පනත යටතේ බවයි. එම පනත මගින් නිර්මාණය කර ඇත්තේ පූර්ව රෝහල් සත්කාර (Pre-hospital care) ගිලන් රථ සේවාවක් පමණි.

මන්ත්‍රීවරයාගේ අදහසට අනුව, “නීතියට අනුව, සුවසැරියට හදිසි අවස්ථාවකදී පවා රෝහල තුළ රෝගීන් ප්‍රවාහනය කළ නොහැක.”

මෙම සේවාවේ අරමුණ ‘පූර්ව රෝහල් සත්කාර’ ලෙසම පැවතිය යුතු අතර, එය වෙනස් කිරීමට අවශ්‍ය නම් ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවේදී නීතිය වෙනස් කර ඒ සඳහා අවශ්‍ය ප්‍රතීතන (accreditations) ලබාගත යුතුවේ.

“නීතිය වෙනස් නොකර නාමය සහ අරමුණු වෙනස් කිරීමට උත්සාහ කිරීම විශාල විහිළුවක් (Circus) බවට පත් වී ඇතැයි” මන්ත්‍රීවරයා සිය සටහනින් චෝදනා කරයි.

මේ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිය x ගිනුමේ තැබූ සටහන පහත දැක්වෙයි .

Related posts

ATM කාඩ්පත් මාරු කරන පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

UNP politburo to discuss more changes

Mohamed Dilsad

செப்டம்பர் 18 சண்டக்கோழி-2 ரிலீஸ்

Mohamed Dilsad

Leave a Comment