Trending Newsඑසැන පුවත්දේශීය

විදුලිබල සංශෝධිත පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ ඇතුළත් කර විදුලිබල සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශය සඳහන් කළේ, එය අද(11) දිනයේ යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදි සාකච්ඡාවට ලක්කරන බවය.

ඉන් පසුව පනත් කෙටුම්පත යළිත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇත. අනතුරුව එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ පෙත්සම් කිහිපයක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළේ, එහි ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි.

පනත් කෙටුපතේ එම වගන්ති එලෙසම සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය හා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය.

Related posts

කුණු ගොඩක තිබු පවුම් 8ක රන් භාණ්ඩ අයිතිකරුට භාරදෙයි

Mohamed Dilsad

Palaly Int’l Airport opens today – [IMAGES]

Mohamed Dilsad

ලියනගේමුල්ල සමුපයෙන්, සජබට නිතරඟ ජයක් : මාලිමාවෙන් කිසිවෙක් ඉදිරිපත් වී නැහැ.

Editor O

Leave a Comment