Trending Newsඑසැන පුවත්දේශීය

කෙහෙළියගේ නඩුව ට අදාළව අධිකරණයෙන් ලැබුණු නියෝගය

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුවේ අධි චෝදනා පත්‍ර සමග භාරදිය යුතු ඇමුණුම් මේ දක්වා මුද්‍රණය කර ලැබී නොමැති බැවින් එම අධි චෝදනා භාර දීම සැප්තැම්බර් මස 16 වනදා දක්වා කල් තැබීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

මෙම නඩුකරයට අදාළ චෝදනා පත්‍ර අධිකරණය හමුවේ ගොනු කර තිබූණද ඊට අදාළ ඇමුණුම් මේ වන විට ගොනු කර නොමැති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම

එක් විත්තිකරුවකු වෙනුවෙන් ඇමුණුම් මුද්‍රණය කිරීම සඳහා රුපියල් 866,565/- ක් වැය වන බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාලවරිය මේ ආකාරයෙන් විත්තිකරුවන් දොළොස් දෙනෙකු වෙනුවෙන් අදාළ ඇමුණුම් මුද්‍රණය කිරීමට නියමිතව තිබෙන බවත් ඇය කියා සිටියාය.

එම ඇමුණුම් ලැබීමට දින 21 ක් පමණ ගතවනු ඇති බවට රජයේ මුද්‍රණාලාධිපතිවරයා දැනුම් දී ඇති නිසා දින 21කට පසුව එළඹෙන දිනයක මෙම නඩුව කැඳවන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලීම් කළාය. 

ඒ අනුව අදාල නඩුව සැප්තැම්බර් මස 16 වන දා කැඳවීමටද අධිකරණය නියම කර ඇත.

මෙම නඩුව අද මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවින.

එම අවස්ථාවේදී නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටි සුදත් ජනක ප්‍රනාන්දු නමැත්තා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව දැනුම් දී තිබේ.

එමෙන්ම තවත් විත්තිකරුවෙකු වන වෛද්‍ය සැපයීම අංශයේ හිටපු වෛද්‍යවරයකු වන ජයනාත් බුත්පිටිය මහතා ද  අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු විදේශගතව සිටින බවත් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

ඉන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම නඩුවේ පළමුවන විත්තිකරු වන සුදත් ජනක ප්‍රනාන්දු නමැත්තා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවත්, ඔහු මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියාය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාල විත්තිකරු මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියම කළේය.

තවදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වන වෛද්‍ය ජයනාත් බුත්පිටිය නමැති විත්තිකරු  2023 වසරේ දෙසැම්බර් මස 11 වනදා රාජකාරී නිවාඩු මත එක්සත් රාජධානියට ගොස් සිටින අතර ඔහු  2024 වසරේ පෙබරවාරී මස 09 වනදා ඔහු යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබූ බව සඳහන් කළේය.

ඔහු මේ වනතෙක් දිවයිනට පැමිණ නොමැති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කොට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර තිබෙන බවත් ඇය සඳහන් කර සිටියාය.

ඔහු හිතාමතාම අධිකරණය මග හරින පුද්ගලයෙකු බවට පැහැදිලි දැනුමක් තිබෙන බැවින් මෙම රතු නිවේදන ලබා ගැනීමට කටයුතු කර තිබෙන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. ඉන් අනතුරුව අදාල නඩුව සැප්තැම්බර් මස 16 වන දා කැඳවන බවද අධිකරණය දැනුම්දුන්නේය.

Related posts

වරාය නගරය කොමිෂන් සභා පනතට කතානායකවරයා අත්සන් තබයි

Mohamed Dilsad

සජබ පා ගමන හෙට 9 මහනුවරින් අරඹයි

Mohamed Dilsad

Russia’s U.N. envoy Churkin dies suddenly in New York

Mohamed Dilsad

Leave a Comment