Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා බ්‍රිතාන්‍යයෙන් තීරුබදු සහන

ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන සරල කරමින් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් නව වෙළෙඳ පැකේජයක් හඳුන්වා දී තිබේ.

මේ හරහා ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ පිලිපීලනය වැනි රටවලින් එක්සත් රාජධානිය වෙත ආනයනය කෙරෙන බොහෝ භාණ්ඩ, තීරුබදු රහිතව ආනයනය කිරීමට අවස්ථාව සැලසෙනු ඇත. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ, සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා මෙම නව ක්‍රමයට යාවත්කාලීන කිරීමේ කොටසක් ලෙස එක්සත් රාජධානියේ ව්‍යාපාර සහ පාරිභෝගිකයින්ට වඩාත් තරඟකාරී මිල ගණන් යටතේ ආනයනවලින් ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති බවයි.

පැවති ආනයනික ප්‍රතිපත්තීන්, සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමයට (DCTS) වැඩිදියුණු කිරීම හරහා එක්සත් රාජධානිය සමඟින් වෙළෙඳාම පහසුකරවන අතර ඇඟලුම්, ආහාර, ඉලෙක්ට්‍රොනික උපරකරණ ඇතුළු භාණ්ඩ ගණනාවකට එක්සත් රාජධානියේ තීරුබදු රහිත ප්‍ර වේශය මේ සමග හිමිවනු ඇත.

Related posts

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර 20-20 අවසන් තරඟය අද (17) රාත්‍රියේ

Editor O

දුම්රිය හා බස් රථ අවුරුදු මෙහෙයුම අරඹයි

Mohamed Dilsad

மோடியின் வருகை காரணமாக இருநாட்டு உறவு மேலும் வலுப்பெறும் -மனோ

Mohamed Dilsad

Leave a Comment