දේශීය

දුම්රිය හා බස් රථ අවුරුදු මෙහෙයුම අරඹයි

(UTV | කොළඹ) –  සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිය ගම්බිම් බලා යන ජනතාව සඳහා පසුගිය 9දා සිට ආරම්භ කළ විශේෂ දුම්රිය හා බස් සේවා අද (13) දිනයේත් ක්‍රියාත්මක වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

අප්‍රේල් 9 දා සිට කොළඹ සහ ප්‍රධාන නගරවල සිට දිවයිනේ සතර දිග්භාගයට ම ප්‍රමාණවත් ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් සේවා දවසේ පැය 24 තුළ දිවා රාත්‍රී ක්‍රියාත්මක වීම නිසා ප්‍රථම වරට වැඩි ගාස්තුවක් නොගෙවා උත්සව සමය වෙනුවෙන් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකට ගම්බිම් කරා යෑමට අවකාශ ලැබුණු බව ද සඳහන් කරන ඇමැතිවරයා ඒ පිළිබඳව ශ්‍රී ලංගම සමස්ත කාර්ය මණ්ඩලයටම කෘතඥතාව පුද කරන බව පවසයි.

අද දිනයේත් සාමාන්‍ය ලෙස කාලසටහන්වලට අමතරව මගී අවශ්‍යතා අනුව යෙදවීමට අතිරේක බස් රථ සූදානම් කර ඇතැයි ද ඇමැතිවරයා පවසයි.

අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි තම සේවා ස්ථාන කරා ආපසු පැමිණීම සඳහා විශේෂ දුම්රිය හා බස් සේවා මේ මස 15 වන දින සිට 19දා දක්වා ක්‍රියාත්මක කරන බව ද ඔහු පවසයි.

Related posts

රජයේ නිලධාරීන්ට 2025 සඳහා විශේෂ අත්තිකාරම් මුදලක්

Editor O

පාන් ගෙඩිය වෙනුවෙන් ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

පක්ෂ මහලේකම් ධූරය අතහැරීමට අකිල සූදානමින්

Mohamed Dilsad

Leave a Comment