එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති 20-20 තරඟයේදී, මතීෂ පතිරණ පන්දුවාර 04 තුළ ලකුණු 18ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගැනීමට පිළිබඳ ලසිත් මාලිංග පේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා ඇත.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, “අද සීයාට බැනපු අය ගොඩක් දෙනෙක් සතුටු කරන්න ඔයාට පුළුවන් වෙලා. හරිම සතුටුයි ඔයා ගැන පතී! මතකයිනේ කිව්ව එකක් දෙකක් වැරදුනොත් අයිනේ බනිනවා පතී! ඒකට දැන් ඔයා පුරුදු වෙන්න. අමාරුම තැන අමාරුවෙන්ම හිටගන්න,” යනුවෙනි.
මාලිංගගේ මෙම සටහන තුළින් මතීෂ පතිරණගේ දක්ෂතාව අගය කරන අතරම, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී එල්ල වන පීඩනයට සහ විවේචන වලට ශක්තිමත්ව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවද ඔහු උපදෙස් ලබා දී තිබේ

