කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින් ආරම්භ කළ නුගේගොඩ දුඹුරු සීනි අළෙවිසැල වසා දමා ඇතැයි සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.
පසුගිය වසරේ නොවැම්බර් 11 වෙනි දින මෙම අළෙවිසැල උත්සවශ්‍රීයෙන් ආරම්භ කළේ දේශීය සීනි කර්මාන්තය නගා සිටුවීමේ පියවරක් වශයෙනි.
පැල්වත්ත සහ සෙවනගල කර්මාන්තශාලාවල නිෂ්පාදනය කරන ලද දුඹුරු සීනි ඇතුළු නිෂ්පාදන ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට ලබා දීම මෙම අරමුණ විය. එවැනි අළෙවිසැල් රට පුරා නගරාශ්‍රිතව ආරම්භ කිරීමටද සැලසුම් කෙරිණි.
කෙසේ වුවද මෙම වෙළඳසැලෙහි සීනි සුපිරි වෙළඳසැල්වලට වඩා මිල බව එකල වාර්තා වූ අතර පාරිභෝගික ජනතාව සීනි මිලට ගැනීමට එහි පැමිණියේ නැත.
