බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම, ඇතුළු සිදුවීම් රැසක්ද වූ, නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ.
ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ද සිදුව ඇත්තේ අද වැනි නවම් පොහොය දිනකය.
එමෙන්ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර ආයු සංස්කාරය අත්හැරීම සිදුවූයේ ද අද වැනි නවම් පුන් පොහෝ දිනකයි.
නවම් පොහොය නිමිත්තෙන් අද දිනයේ දිවයින පුරා වෙහෙර විහාරවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
