Trending Newsඑසැන පුවත්දේශීය

පෞරාණික බුද්ධ ප්‍රතිමාව පැහැරගත් 14ක් අත්අඩංගුවට

කහපත්වල කැබිලිතිගොඩ පුරාණ රජමහා විහාරස්ථානයේ ආවාසයෙහි තැන්පත් කර තිබූ පුරාණ වටිනාකමකින් යුත් බුද්ධ ප්‍රතිමාවක් පසුගිය 28 වැනිදා රාත්‍රියේදී පැහැරගෙන ගොස් ඇති බවට ලැබුණු පැමිණිල්ල මත මාවතගම පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත..

විමර්ශනවලදී අනාවරණය වූයේ, එදින රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව ප්‍රකාශ කරමින් පුද්ගලයින් සිව්දෙනෙකු විහාරස්ථානයට පැමිණ, අඩි 1 1/2 පමණ උසැති රන් පැහැති බුද්ධ ප්‍රතිමාව “විමර්ශන කටයුතු සඳහා” අවශ්‍ය බව පවසා ස්වාමීන් වහන්සේලාගෙන් ලබාගෙන පැහැරගෙන ගොස් ඇති බවයි. මේ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී සැකකරුවන් 14 දෙනෙකු ඊයේ (31) දිනයේදී මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සමඟ පැහැරගත් බුද්ධ ප්‍රතිමාවත්, අපරාධය සඳහා යොදාගත් වෑන් රථ දෙකක්ද පොලීසිය සිය භාරයට ගෙන ඇත. අවුරුදු 22 සිට 56 දක්වා වයස්වල පසුවන මෙම සැකකරුවන් මිනීගමුව, තෙල්දෙණිය, මොනරාගල, මතුගම, මාතලේ හා රිදීගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් ඊයේ පිළිස්ස (31) අධිකරණය ට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන පෙබරවාරි 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

நயன்தாராவுக்கு விரைவில் நிச்சயதார்த்தம்…

Mohamed Dilsad

රන්ජන් රාමනායක CID යට

Mohamed Dilsad

இராஜாங்க அமைச்சர் தொடர்பிலான அறிக்கை எதிர்வரும் 25ம் திகதியன்று பிரதமருக்கு

Mohamed Dilsad

Leave a Comment