දේශීය

කුණු ගොඩක තිබු පවුම් 8ක රන් භාණ්ඩ අයිතිකරුට භාරදෙයි

කුණු ගොඩක තිබු පවුම් අටක රන් භාණ්ඩ සොයා නැවත අයිතිකරුට ලබාදීමට යාපනය, චාවකච්චේරි නගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවන් පිරිසක් කටයුතු කර තිබුණි.

 

යාපනය, චාවකච්චේරි, මණ්ඩුවිල් ප්‍රදේශයේ නිවසක හිමිකරුවෙකු තමන් සතුව තිබු රන් භාණ්ඩ සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පරණ රෙදි කැබැල්ලක ගැට ගසා නිවසේ කුණු දමන ස්ථානයක සඟවා තබා තිබේ.

 

එහෙත් නිවැසියන් විසින් පසුගිය 20 වනදා අවදානයක් නොමැතිව අදාළ රන් භාණ්ඩ ගැට ගසා තිබු පැරණි රෙදි කැබැල්ල ද කුණු ගොඩට විසිකර ඇත.

 

පසුව ඒ පිළිබඳව මතක් වී CCTV පරීක්ෂා කිරීමේ දී නිවසේ කුණු රැගෙන ගිය ට්‍රැක්ටරය පිළිබඳ තොරතුරු සොයාගෙන තිබේ.

 

ඒ අනුව සිදුවු දේ පිළිබඳ නගර සභා සනීපාරක්ෂක සේවකයින්ට නිවැසියන් විසින් දැනුම් දී තිබුණි.

 

වහාම ක්‍රියාත්මක වු සනීපාරක්ෂක කම්කරුවන් අදාළ ස්ථානයෙන් කුණු ගෙනැවිත් දැමූ ස්ථානය පරීක්ෂා කොට රන් භාණ්ඩ ගැට ගසා තිබු රෙදි කැබැල්ල සොයාගෙන තිබේ.

 

අදාළ රෙදි කැබැල්ලේ ගැට ගසා තිබු රන් පවුම් අටක් එහි තිබි සොයා ගැනීමට හැකි ව අතර, අදාළ රන් භාණ්ඩ නැවත අයිතිකරුට ලබාදීමට නගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවන් කටයුතු කර ඇත.

 

කිසිදු වංචාවක් නොකර එම සනීපාරක්ෂක කම්කරුවන් සිදුකළ ක්‍රියාව පිළිබඳ එම ප්‍රදේශයේ ජනතාව සිය ප්‍රශංසාව පළ කර සිටියේය.

Related posts

කොරෝනාවට සොයාගත් එන්නත ලංකාවට

Mohamed Dilsad

සංචාරකයන් මිලියන 3 ගෙන්නන්න බැරි වුණේ ගුවන්තොටුපොළේ ඉඩ මදිවී, ගුවන් ගමන් 30-40 අවලංගු කළ නිසා – සංචාරක නි. අමාත්‍ය මහාචාර්ය රුවන්

Editor O

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන්, සියයට 66%ක් කුමන හෝ අවධානම් තත්ත්වයක්

Editor O

Leave a Comment