දේශීය

මීගමුව මහ රෝහලෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ නිවසටම

(UTV | කොළඹ) – මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට නිවසටම ඖෂධ නිකුත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

එම රෝහල දැනුම් දෙන්නේ දැනට ක්‍රියාත්මක පරිදි තැපැල් දෙපාර්තමේන්තුව හරහා එම ඖෂධ ලබාදීම සිදු කෙරෙන අතර ඒ සඳහා තොරතුරු දැන ගැනීමට විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී ඇති බවයි.

ඒ අනුව 031 3121107, 031 3121136 හෝ 031 2280777 යන දුරකථන අංක එලෙස වෙන් කර ඇති තිබේ.

තවද රෝගියාගේ සායන අංකය, නම සහ වෛද්‍යවරයාගේ නම ඇතුළු තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ඖෂධ ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බව වැඩිදුරටත් සඳහන්.

Related posts

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කෙරේ

Mohamed Dilsad

උපකාරක පන්ති සහ ආගමික මෙහෙයන් ඇරඹීමට අවසර

Mohamed Dilsad

සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කරයි.

Editor O

Leave a Comment