දේශීය

පෞද්ගලික අංශයේ වැටුප් ගැටළු ගැන සාකච්ඡාවක් ඉල්ලයි

(UTV | කොළඹ ) –  පවතින තත්ත්වය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයින් මුහුණ දී සිටින ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන මෙන් ඉල්ලීමක් කෙරේ.

අන්තර් සමාගම් සේවක සංගමය විසින් කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් මෙම ඉල්ලීමක් කර ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් මුළු රටම තැති ගැන්වී ඇති අවස්ථාවක පෞද්ගලික අංශයේ සේවකයින් ද බරපතල ප‍්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටියි.

මෙහිදී සේවකයින් පමණක් නොව කර්මාන්ත ශාලා ද විශාල අර්බුදයකට මුහුණ දී සිටින බවත් අන්තර් සමාගම් සේවක සංගමය පෙන්වා දී තිබේ.

විශේෂයෙන් කම්කරුවන් ගේ මාසික වැටුප් ලබා ගැනීම පිළිබඳ ගැටළුව, වාර්ෂික ප‍්‍රසාද දීමනා පිළිබඳ ගැටළුව මෙන්ම අපේ‍්‍රල් සිට ක‍්‍රියාත්මක වීමට තිබූ වාර්ෂික වැටුප් වැඩිවීම පිළිබඳ ගැටළුව ද ඉක්මණින් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන් එහි සභාපති වසන්ත සමරසිංහ මහතා කම්කරු අමාත්‍යවරයා වෙත යවා ඇති ලිපියේ සඳහන් වේ.

එමෙන්ම රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව පෞද්ගලික අංශයේ සේවක පිරිස්වල අවිනිශ්චිතතාවක් ඇතිවී ඇති නිසා මී පිළිබඳව අවධානය යොමු කර කඩිනමින් සාකච්ඡාවක් ලබාදෙන ලෙස වසන්තසමරසිංහ මහතා මෙම ලිපිය මගින් ඉල්ලා ඇත.

Related posts

මැතිවරණ කොමිසමෙන් විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

පළාත් සභා සඳහා සුදුසු මැතිවරණ ක්‍රමය තීරණය කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

Editor O

හිටපු අමාත්‍ය චාමර සම්පත්ට අධි චෝදනා…!

Editor O

Leave a Comment