Trending Newsඑසැන පුවත්දේශීය

මොණරාගල, වැලියායේ දරුණු අනතුරක්

මොණරාගල වැලියාය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ විනෝද චාරිකාවක් ගිය පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව 22 දෙනෙක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

අනතුරෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී බස් රථයේ 32 හැවිරිදි රියදුරා මියගොස් ඇති අතර පුද්ගලයින් 22ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ දඹගල්ල සිට මොනරාගල බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් චාරිකාවක යමින් තිබූ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බවය.

අනතුරෙන් මියගිය ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයේ රියදුරා 32 හැවිරිදි වියේ පසුවූ දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බස් රථ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය පවසයි.

Related posts

පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්ෂකයින් ලබාදීමට පොලීසියේ අවධානය

Editor O

මුඛ පිළිකා වැළැක්වීමේ විශේෂ වැඩසටහන් මාලාවක්

Mohamed Dilsad

ஜனாதிபதி தாய்லாந்து விஜயம்

Mohamed Dilsad

Leave a Comment