Trending Newsඑසැන පුවත්දේශීය

පොලීසියේ ඉහළ නිලධාරීන් 06 දෙනෙකුට ස්ථානමාරු

පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු 5 දෙනෙකු ස්ථාන මාරුවීම කර ඇත.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂක තනතුර දැරූ කේ .ඒ උදය කුමාර කළුතර කොට්ඨාස භාර නිලධාරියා ලෙස පත්කර ඇත. .

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ එල් පෙරේරා ගම්පොළ කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට කොළඹ උතුරු කොට්ඨාස භාර නිලධාරියා ලෙසද ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ එන් ගුණවර්ධන මොණරාගල කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට පොලිස් මූලස්ථානය වෙතද ,බී ඒ ආර් පුෂ්ප කුමාර කොළඹ උතුර කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට විශේෂිත ගුවන්තොටුපොල පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසද ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් එම් එස් බී වික්‍රමසිංහ පොලිස් මූලස්ථානයේ (අතිරේක මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂක) සිට මොණරාගල කොට්ඨාස භාර නිලධාරී ලෙස හා පොලිස් අධිකාරී සී ඩී ඉලංගකෝන් මහනුවර කොට්ඨාසයේ සිට ගම්පොළ කොට්ඨාස භාර නිලධාරී ලෙසද ස්ථාන මාරු කර ඇත.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ අත්සනින් සිදු කළ මෙම ස්ථාන මාරු ඊයේ (30) දින සිට ක්‍රියාත්මක බවද සඳහන්.

Related posts

Police arrest suspect with locally made firearm

Mohamed Dilsad

சிரியாவில் ரஷியா நடத்திய குண்டு வீச்சில் 30 தீவிரவாதிகள் பலி

Mohamed Dilsad

பிரதேச மட்ட அதிகாரிகள் சிலர் மதுபோதையில் செயற்படுவதாக இராதாகிருஸ்ணன் குற்றச்சாட்டு

Mohamed Dilsad

Leave a Comment