Trending Newsඑසැන පුවත්දේශීය

රතු වරෙන්තුකරුවන් 71ක් විදේශගත වෙලා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මෙරට සිදු කරන ලද මිනී­මැ­රුම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවා­රම්, මංකො­ල්ල­කෑම් සහ බර­ප­තළ තුවාල කිරීම් වැනි අප­රා­ධ­ව­ලට අදා­ළව අධි­ක­ර­ණය මඟ­හැර විදෙස් රට­ව­ලට පලා ගොස් සිටින විවෘත වරෙ­න්තු­ක­රු­වන් 95 දෙන­කුට එරෙ­හිව අධි­ක­ර­ණ­යෙන් රතු නිවේ­දන ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක සහ­කාර පොලිස් අධි­කාරි නීතිඥ එෆ්.යූ. වුට්ලර් මහතා කියයි.

එම රතු නිවේ­දන නිකුත් කළ විවෘත වරෙ­න්තු­ක­රු­වන් 95 දෙනා­ගෙන් 10 දෙනකු 2024 වස­රේ­දීද, 11 දෙනෙකු 2025 වස­රේ­දීද අන්ත­ර්ජා­තික පොලී­සිය සහ අදාළ රට­වල පොලීසි මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන මෙර­ටට රැගෙනවිත් ඇති බවද ඔහු කියා සිටී.

ඊට අමතරව මේ වසරේ ගත වූ දින කීපය තුළද තිදෙ­නකු මෙර­ටට රැගෙ­න­විත් නීති­මය කට­යුතු ක්‍රියා­ත්මක වෙමින් පව­තින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා පවසයි.

රතු නිවේ­දන නිකුත් කර තිබෙන අප­රාධ සැක­ක­රු­වන් අත­රට විශේ­ෂ­යෙන් බස්නා­හිර සහ දකුණු පළා­ත්වල අප­රාධ සිදු කොට විදෙස් රට­ව­ලට පලා ගොස්, ඉකුත් කාල­යේද සිය ගෝල­යන් යොදවා මිනී­මැ­රුම්, කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවා­රම මෙහෙ­ය­වන සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන් සියලු දෙනා අයත් වන බවද අත්අ­ඩං­ගු­වට ගැනී­මට සිටින රතු නිවේ­දන නිකුත් කළ සෙසු අප­රාධ සැක­ක­රු­වන්ද අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා මේ වන විට අන්ත­ර්ජා­තික පොලී­සිය හරහා ක්‍රියා­ත්මක වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා සඳහන් කරයි.

Related posts

“UNP appreciates President’s Decission on parliament session” – Ajith P Perera

Mohamed Dilsad

Railway strike from midnight today

Mohamed Dilsad

Dry conditions fuel California wildfires

Mohamed Dilsad

Leave a Comment