දේශීය

මෙරටට පැමිණි සංචාරකයින් ලක්ෂ 8 පනී

මේ වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයින් 860,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

 

අගෝස්තු මාසයේ ගතවූ දින 20 තුළ පමණක් සංචාරකයින් 98,831දෙනෙකු පැමිණ ඇති බව වාර්තා වේ.

 

එම සංචාරකයින් අතර ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් 19,804දෙනෙකු සහ බ්‍රිතාන්‍යයෙන් පැමිණි සංචාරකයින් 12,188 දෙනෙකු සිටින බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

 

ඒ අනුව මේ වන විට දිවයිනට විදෙස් සංචාරකයින් 866,744 දෙනෙකු පැමිණ තිබේ.

 

ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර චීනයෙන් ද සංචාරකයින් 35,000කට වැඩි පිරිසක් මේ වසරේ දිවයිනට පැමිණ ඇති බවෙ සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

 

 

Related posts

රාජකාරියට බාධා කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඩීන්ස් පාර වැසේ

Mohamed Dilsad

ගෘහස්ථ ගෑස් ගැටලු සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභා රැස්වීමක් හෙට

Mohamed Dilsad

Leave a Comment