දේශීය

මෙරටට පැමිණි සංචාරකයින් ලක්ෂ 8 පනී

මේ වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයින් 860,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

 

අගෝස්තු මාසයේ ගතවූ දින 20 තුළ පමණක් සංචාරකයින් 98,831දෙනෙකු පැමිණ ඇති බව වාර්තා වේ.

 

එම සංචාරකයින් අතර ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් 19,804දෙනෙකු සහ බ්‍රිතාන්‍යයෙන් පැමිණි සංචාරකයින් 12,188 දෙනෙකු සිටින බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

 

ඒ අනුව මේ වන විට දිවයිනට විදෙස් සංචාරකයින් 866,744 දෙනෙකු පැමිණ තිබේ.

 

ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර චීනයෙන් ද සංචාරකයින් 35,000කට වැඩි පිරිසක් මේ වසරේ දිවයිනට පැමිණ ඇති බවෙ සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

 

 

Related posts

පොලිස් නිලධාරින් 15 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

ටකරමක් ගියත් ලක්ෂ 10 දෙන්න බෑ | චක්‍රලේඛ අඩුපාඩු නිසා අර්ධහානි නිවාසවලට ලක්ෂ 05 දෙන්නත් බෑ | ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත් වෙයි…!

Editor O

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව ගැන අවධානයෙන් පසුවන ලෙස උපදෙස්

Editor O

Leave a Comment