දේශීය

ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙක් අභිරහස් ලෙස මියයයි

යාපනය දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයාගේ මළ සිරුර ව්‍යාපාරිකයාගේ නිවස තුළ තිබී ඊයේ (21) සවස සොයාගත් බව යාපනය පොලීසිය පවසයි.

 

එලෙස මියගොස් ඇත්තේ, යාපනය,කොට්ටටි ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකි.

 

පොලීසිය පැවසූවේ මියගිය පුද්ගලයාගේ මළ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමු කළ බවය.

 

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළ අතර, ප්‍රදේශවාසීන් පැවසූවේ මියගිය පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වුවෙක් බවය.

 

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 

Related posts

අගමැතිවරයාගෙන් අද හෝ හෙට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

කාන්තාවක්ව බිලි ගත් ශාන්තිකර්මය

Mohamed Dilsad

පළාත් කිහිපයකට අදත් තද වැසි

Mohamed Dilsad

Leave a Comment