දේශීය

කාන්තාවක්ව බිලි ගත් ශාන්තිකර්මය

ශාන්තිකර්මයක් අතරතුරදී රෝගාතුර වූ කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් පසු මියයාමේ සිද්ධියක් ලග්ගල, දාස්ගිරිය, හත්තොටඅමුණ ප්‍රදේශයෙන් වාර්තා විය.

 

පොලීසිය පැවසුවේ, පෙරේදා (16) සවස් කාලයේ සිට ඊයේ (17) උදෑසන දක්වා එම ශාන්තිකර්මය සිදුකර ඇති බවය.

 

එසේ මියගොස් ඇත්තේ, 48 හැවිරිදි ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

 

ලග්ගල, දාස්ගිරිය ප්‍රදේශයේ නිවසක අසනීප තත්ත්වයෙන් පසුවූ කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු සුවපත් කිරීම සඳහා ශාන්තිකර්මයක් පවත්වා තිබුණි.

 

ඒ අතරතුර ශාන්තිකර්මය සිදුකළ තැනැත්තා විසින් වරින් වර මොවුන් තිදෙනාට තැඹිලි ගෙඩි 21ක බැගින් පෙවීම සිදුකර ඇත.

 

එසේ සිදුකරන අතුරතුරදී මෙම කාන්තාව හදිසි අසනීප තත්ත්වයට පත්වූ පසු කහ දියරද බීමට සලස්වා ඇති බව පොලීසිය පවසයි.

 

ඉන්පසු රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මෙම කාන්තාව දාස්ගිරිය රෝහල වෙත ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහල වෙත ඇතුළු කිරීමෙන් පසු ඊයේ මියගොස් ඇත.

 

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය අද (18) දඹුල්ල රෝහලේදී සිදුකිරීමට නියමිත අතර ශාන්ති කර්මය සිදුකරන ලද 25 හැවිරිදි පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

වැලිසර නාවික හමුදා කඳවුර යළි විවෘත කෙරේ

Mohamed Dilsad

ඥානසාර හිමියන්ගේ නඩුව යළිත් කැඳවීමට නියෝග

Mohamed Dilsad

ජනතාවගේ මළ සිරුරු මතින් දේශපාලනය කිරිමට කිසිදු පාර්ශවයකට අයිතියක් නැහැ

Mohamed Dilsad

Leave a Comment