දේශීයප්‍රමුඛ පුවත 1

වැලිසර නාවික හමුදා කඳවුර යළි විවෘත කෙරේ

(UTV | කොළඹ ) – කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අප්‍රේල් මස 27 වෙනිදා වසා දැමු වැලිසර නාවික හමුදා කඳවුර නැවතත් විවෘත කර තිබේ.

පළමු අධියර යටතේ කඳවුරේ එක් කොටසක් පමණක් විවෘත කර ඇති අතර අනතුරුව පියවරෙන් පියවර සමස්ත වැලිසර නාවික හමුදා කඳවුරම විවෘත කිරීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් කොරෝනා වෛරසයේ බලපෑමක් නොමැති බවට නාවික හමුදාපතිවරයාට සිදුකළ ලිඛිත තහවුරු කිරිමෙන් අනතුරුවයි මෙලෙස වැලිසර කඳවුර යළි විවෘත කර ඇත.

කොවිඩ්19 වෛරසය ආසාධනය වී සුවය ලැබූ නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 786 දක්වා ඉහළ ගොස් ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටින්නේ නාවික හමුදා සාමාජිකයන් 115 දෙනෙකු පමණි.

Related posts

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි වියත්මග වියතුන්ට ඉල්ලීමක්[PHOTOS]

Mohamed Dilsad

සම්මන්ත්‍රණ හා උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

Mohamed Dilsad

ජනපති සහ ශ‍්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment