ප්‍රමුඛ පුවත 1

සම්මන්ත්‍රණ හා උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

(UTV| කොළඹ) – අගෝස්තු මස 05 වනදා සිට ආරම්භ වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා සියළුම කටයුතු මේ වන විට සූදානම් කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එසේම උසස් පෙළ විභාගය ඉලක්ක කරගෙන දේශන, සම්මන්ත්‍රණ හා උපකාරක පන්ති පැවැත්වීම අද (30) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මීට අමතරව 05 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා සියළු උපකාරක පන්ති සහ දේශන පැවැත්වීම ද හෙට (31) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වෙයි.

එම තහනම අදාළ විභාග අවසන් වන තෙක් බල පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 හත්වන විධායක ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම අදයි

Mohamed Dilsad

විජයග්‍රහණයේ සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

විජයකලාට එරෙහිව යාපනයේ පෝස්ටර් ව්‍යාපාරයක්

Mohamed Dilsad

Leave a Comment