ප්‍රමුඛ පුවත 1

විජයකලාට එරෙහිව යාපනයේ පෝස්ටර් ව්‍යාපාරයක්

(UTV|යාපනය) –  හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට විරෝධය පළ කරමින් යාපනය කෝපායි ප්‍රදේශයේ කිසියම් පිරිසක් පෝස්ටර් අලවා තිබූ බව වාර්තා වේ.

අප වාර්තාකරු පැවසුවේ හිටපු අමාත්‍යවරිය මුදලට ඇමති පදවිය අතහැර දමා ඇති බවත්, ඒ නිසා ඇයට මන්ත්‍රී වරප්‍රසාද ද අහිමි කළ යුතු බවත් එම පෝස්ටර් වල සඳහන් වන බවයි.

මේ අතර හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් LTTE ය යළි ගොඩනැගිය යුතු බවට සිදුකළ ප්‍රකාශය වැනි මානසිකත්වයක් උතුරේ ජනතාව තුළ නිර්මාණය වීම වැළැක්වීමට රජය වග බලාගත යුතු බව උතුර පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ජී. ගුණසීලන් පවසයි.

මන්නාරම ප්‍රදේශයේ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික හිසතෙල්ගෑමේ මහෝත්සවය හෙට කළුතරදී

Mohamed Dilsad

සබරගමු සරසවි සිසුන් 54 කට පන්ති තහනමක්..

Mohamed Dilsad

කොළඹ වරාය නගරය ශ්‍රී ලංකා භූමිය සමඟ නිල වශයෙන් එක් කෙරේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment