ප්‍රමුඛ පුවත 1

සබරගමු සරසවි සිසුන් 54 කට පන්ති තහනමක්..

(UTV| කොළඹ) – සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 54 දෙනෙකුට සතියක පන්ති තහනමක් පැනවිමට කටයුතු කළ යුතු බව එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත සඳහන් කළේය.

පීඨයේ නවක සිසුන්ට නවක වධය ලබා දීමේ සිදුවීම්වලට සම්බන්ධ බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන්ට මෙම පන්ති තහනම පනවා තිබේ.

ඒ අතර සිසුවියන් පිරිසක් ද වන බව උපකුලපතිවරයා සඳහන් කළේ ය.

අදාළ සිසුන් සම්බන්ධයෙන් පීඨාධිපතිවරයා වෙත ලැබුණු පැමිණිලි රැසක් සලකා බැලීමෙන් අනතුරුව කළ විමර්ශනයකදී ඔවුන් නවක වධය ලබා දීමට සම්බන්ධ බවට කමිටුවකදී අනාවරණය වූ බවද පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ බදුල්ල අතර දුම්රිය ධාවනයට බාධා(ඡායාරුප)

Mohamed Dilsad

ගෝඨභය රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම මසකට අත්හිටුවයි

Mohamed Dilsad

‘ෆොනී’ චණ්ඩ සුළි කුණාටුවක් වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment