ප්‍රමුඛ පුවත 1

ගෝඨභය රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම මසකට අත්හිටුවයි

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මසක කාලයක් විදේශ ගත වීමට අද (09) අවසර ලබා දුන්නේය.

ඒ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය විසිනි.

ඒ අනුව දෙසැම්බර් මස 14 දා සිට මසක කාලයක් ඇමරිකාවේ සංචාරය කිරීම සඳහා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදාහැරීමට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.

විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ  විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ විත්ති පාර්ශවයේ නීතිඥවරු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහිව ඒ ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කවුතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ නඩුව නොවැම්බර් මස 27 කැදවීමට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කලේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කෙරේ

Mohamed Dilsad

මන්ත්‍රී දයාසිරි රෝහල්ගත කෙරේ

Mohamed Dilsad

ගිණිසීරියා ඉන්ධනයක් ලෙස භාවිත කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment