ප්‍රමුඛ පුවත 1

ගිණිසීරියා ඉන්ධනයක් ලෙස භාවිත කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ

(උදයම්,කොළඹ)  – ගිණිසීරියා ඉන්ධනයක් ලෙස භාවිත කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කරයි.මේ අනුව හෙක්ටයාර් 2000ක් වගාකිරීමට නියමිතය.

ඊයේ(12)   දින එප්පාවල වන සංරක්ෂණ කාර්යාලයේදී ගිණිසීරියා වගාකිරීමේ ව්‍යාපෘතිය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගේ ප්‍රධානත්වයෙන්

ආරම්භ කෙරුණි.

ගිණිසීරියා වගාකිරීමේ ව්‍යාපෘතිය  ස්වයං රැකියාවක් ලෙස ගෙවතුවගාවට හදුන්වාදීමට සූදානම් බව විදුලිබල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ හරහා කිසිදු පරිසර හානියකින් තොරව ජෛව ස්කන්ධ ඉන්ධන භාවිතයෙන් රටේ බලශක්ති අවශ්‍යතාවය 50%ක් සැපයිය හැකිය.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

මෙම අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ” අප රටේ බලශක්ති ඉල්ලුමෙන් බැඩි ප්‍රමාණයක් දායක වන්නේ දර ආශ්‍රිත ජෛව ස්කන්ධ ඉන්ධන භාවිතයයි. නමුත් මෙම ඉන්ධන භාවිතය අවිධිමත් ඒත් වඩා ලාභදායී අවම පරිසර හානියක් ඇති මූලාශ්‍රයි.ගල් අගුරු සහ ඉන්ධන සදහා අප රටේ විශාල මුදලක් පිට රටට ඇදී යනවා. එය අපේ ආනයන වියදමෙන් 40%ක්. ඒ නිසා අපි වෙනත් විකල්ප බලශක්තීන් සදහා යොමු විය යුතුයි. අපි අද ආරම්භ කරන මෙම ව්‍යාපෘතිය තුළින් ගිණිසීරියා පැළ හෙක්ටයාර් 2000ක වගාකර මූලික පියවර ආරම්භ කරනවා. අනතුරුව මෙම දර ප්‍රමිතියට අනුව එකලස් කරන මධ්‍යස්ථාන රටපුරා ඇති කිරීමට කටයුතු කරනවා.මෙය අපේ ජනතාවට අනාගතයේදී ස්වයං රැකියාවක් ලෙස ව්‍යාප්ත කළ හැකියි. තම ගෙවත්තේ වගාකරන ගිණිසීරියා පැළයේ බද කොටසට ගම් මිරිස් වැළක් යවලා කොළ ටික පොහොර වශයෙන් ගෙන අතු ටික එකලස් කිරීමේ මධ්‍යස්ථානයට දී තවත් අමතර ආදායමක් ලබා ගැනීමේ ජාතික වැඩපිළිවෙලයි අපි මේ ආරම්භ කළේ. අතිගරු ජනාධිපතිතුමා මේ ජාතික වැඩ පිළිවෙළට පරිසරයට ආදරය කරන නායකයෙක් ලෙස අපට නායකත්වය ලබා දෙනවා.මේ නිසා ජනතාව පුළුල් අවබෝධයෙන් යුතුව මේ වැඩසටහන පිළිබදව කටයුතු කිරීම අවශ්‍ය වෙනවා.” බවය.

 

 

 

 

Related posts

බලපිටියේ Facebook සාදයක් වටලයි

Mohamed Dilsad

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

Mohamed Dilsad

සයිටම් ගැටලුව විසඳීමට සකස් කල යෝජනා ජනපතිට

Mohamed Dilsad

Leave a Comment