ප්‍රමුඛ පුවත 1

කොළඹ බදුල්ල අතර දුම්රිය ධාවනයට බාධා(ඡායාරුප)

(උදයම්,කොළඹ)   –  කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබේ.

දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේ අද (13)  අලුයම 2.00 ට පමණ හැටන් – කොටගල අතර ප්‍රදේශයේ දී මෙම පීලිපැනීම සිදුව ඇති බවය.

දුම්රිය මැදිරි 04ක් පීලි පැනීමට ලක්ව ඇති බව විජය සමරසිංහ මහතා සඳහන් කරයි.

දුම්රිය මැදිරි හතරට මෙමගින් දැඩි අලාභ හානි සිදුව ඇති අතර දුම්රිය පාලමද කැඩී  ගොස් තිබේ.

මේ හේතුවෙන් අද (13) රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබු තැපැල් දුම්රිය දෙකක් අවලංගු කෙරුණු බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/01-2.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/03-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/04.jpg”]

 

Related posts

කොළඹ ප්‍රදේශ කීපයකට පැය 18ක ජල කප්පාදුවක්…

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව විභාගයට ගන්න දින නියම වේ [VIDEO]

Mohamed Dilsad

රාජිත අසනීපයෙන්

Mohamed Dilsad

Leave a Comment