දේශීය

ඥානසාර හිමියන්ගේ නඩුව යළිත් කැඳවීමට නියෝග

(UTV| කොළඹ) – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීම සඳහා මැයි 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.  

අධිකරණයට අපහාස කළේ යැයි ඥානසාර හිමියන් ඇතුළු පිරිසට චෝදනා එල්ල වෙයි.

මෙම පැමිණිල්ල අද (17) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම නඩු විභාගය ආරම්භ වී තිබේ.

Related posts

එංගලන්තයේ ඡන්ද අයිතිය අවුරුදු 16 සිට

Editor O

පොලිස් නිලධාරීන්ට පහරදීමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයන් පසු හිටපු ජනාධිපති රනිල් ගන්න යන තීරණය

Editor O

Leave a Comment