දේශීය

පොහොට්ටුවේ නායකත්වය මහින්දට – සභාපති හිටපු ජනපති මෛත්‍රීපාලට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකත්වයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සභාපති ධුරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් – රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර එහි ජාතික සංවිධායකවරුන් ලෙස නම් කර ඇති අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහි ලේකම්වරයායි.

පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය වේ.

නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර කියා සිටින ආකාරයට මේ වනවිට නව සන්ධානය මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීම සඳහා අද (17) දිනයේ ලිපිලේඛන භාර දී තිබේ.

Related posts

ටින් අංකය ගැන පැහැදිලි කිරීමක්

Editor O

දුමින්ද සිල්වාට නිදහස

Mohamed Dilsad

රාජ්‍ය පරිපාලන ඇමතිගේ මහාචාර්යය පට්ටම, ආචාර්යය දක්වා පහත හෙළයි. I වෙබ් අඩවියේ සිංහල සහ දෙමළ භාෂාවලින් ”මහාචාර්යය” ඉංග්‍රීසි භාෂාවෙන් ”ආචාර්යය”

Editor O

Leave a Comment