Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය පරිපාලන ඇමතිගේ මහාචාර්යය පට්ටම, ආචාර්යය දක්වා පහත හෙළයි. I වෙබ් අඩවියේ සිංහල සහ දෙමළ භාෂාවලින් ”මහාචාර්යය” ඉංග්‍රීසි භාෂාවෙන් ”ආචාර්යය”

ඉදිරි රාජකාරි කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අ/පාලන) විසින් සියලුම ආයතන ප්‍රධානීන් සහ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇතැයි වාර්තාවේ.

චන්දන අබයරත්න ඇමැතිවරයාගේ නම මීට පෙර භාවිත කරනු ලැබුවේ මහාචාර්ය පදවිය ද සහිතවය. එම අමාත්‍යාංශයේ වෙබ් අඩවියේද ඇමැතිවරයාගේ නම සඳහන් කර ඇත්තේ මහාචාර්ය චන්දන අබයරත්න ලෙසය.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා විසින් ඊයේ (16 වැනිදා) නිකුත් කරන ලද LAD/EST/GA20/MIN/001 අංක දරන ලිපිය මගින් සඳහන් කර ඇත්තේ ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙසය.

-අරුණ-

කෙසේ නමුත් අමාත්‍යාංශ වෙබ් අඩවිය සිංහල භාෂාවෙන් නිරීක්ෂණයේදී අපට දැන ගත හැකිවූයේ රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබයරත්න මහතා මහාචාර්යය වරයෙක් බවත්,

ඉංග්‍රීසි භාෂාවෙන් වෙබ් අඩවිය නිරීක්ෂණයේදී අපට දැන ගත හැකිවූයේ රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබයරත්න මහතා ආචාර්යයවරයෙක් බවයි.

අමාත්‍යාංශ වෙබ් අඩවිය දෙමළ භාෂාවෙන් නිරීක්ෂණයේදී අපට දැන ගත හැකිවූයේ රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබයරත්න මහතා මහාචාර්යය වරයෙක් බවත්ය.

එමෙන්ම, අමාත්‍යවරයා වැඩබාර ගැනීමට අදාළ තොරතුරු අමාත්‍යාංශ වෙබ් අඩවියේ ඇමතිවරයා මහාචාර්යයවරයෙක් ලෙස හඳුන්වා තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට අදාළ විස්තරවල දැක්වෙන්නේ ද මහාචාර්යය චන්දන අබයරත්න ලෙසය.

විකිපීඩියා හි අමාත්‍යවරයා මහාචාර්යය ලෙස ද සඳහන් වේ.

Related posts

எகிப்தை வீழ்த்தியது ரஷ்யா

Mohamed Dilsad

Ashes Test: Malan guides England to safety

Mohamed Dilsad

හෙට සිට උසස් පෙළ සඳහා පාසල් වෙත අයදුම් කිරීම online ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment