Trending Newsඑසැන පුවත්දේශීය

පැලවත්තේ විරෝධතාවක්

පැල්වත්ත සීනි සමාගමේ උක් වගාබිම් වල සේවය කරන සේවක පිරිස් ප්‍රවාහනය කරනු ලබන ලොරි රථ ඇතුළු වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමට අදාළ මුදල් මාස දෙකකට ආසන්න කාලයක සිට නොගෙවීම හේතුවෙන් එම ලොරි රථ රියැදුරෝ හා ඔවුන්ගේ රථවල පැමිණෙන සේවක පිරිස් පරිපාලන කාර්යාලය ඉදිරිපිටදී සවස විරෝධතාවක නියැළුණහ.

ලොරි රථ රියැදුරෝ පිරිසක් මෙසේ කියා සිටියහ.

” අපිට ණයට තෙල් දෙන්නේ නෑ. ලීසින් දාන්න ඕනෙ, ණය ගෙවන්න ඕනේ, තෙල් ගහන්න ඕනේ, දරුවන්ට කන්න දෙන්න ඕනේ. අපේ අසරණකම අපි කියන්නේ. මේ දවස් කිහිපයේම ගියා. ඒ නිලධාරීනුත් අසරණයි, මුදල් නෑ කියනවා. කොරෝනා දවස්වලත් අපි සේවකයන් අරගෙන ඇවිත් උක් කපලා මේ සමාගම පෝෂණය කළා. අවුරුදු 20-30 ඉඳන් සේවයට එන සේවකයෝ මෙතන ඉන්නවා කවදාවත් මෙහෙම වෙලා නෑ. අපිට මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනකම් යන්නේ නෑ.”

ලොරි රථවල පැමිණෙන පිරිස් මෙසේ කියා සිටියහ.

“අපිට කියන්නේ සීනි විකුණන්නද එතනෝල් විකුණන්නද ඒක අපිට දෙයක් නෙවෙයි. ඒවා විකිණුනේ නෑ කියන එකත් අපිට අදාළ දෙයක් නොවෙයි. අපි කරන්නේ උක් ගහ හිටවලා පැළේ ඉඳලා බලාගෙන හදලා පරිස්සම් කරලා කපලා දෙන එක. එහෙම කරන අපිට අඩුම තරමේ ගෙදර යන්න තෙල් ටික දෙන්න මේ සමාගමට අද බැරිවෙලා. අපි ගොඩාක් දුර ඉඳලා එන්නේ. පාන්දර තුනට හතරට අපි වැඩට එන්නේ. මේ ඉන්නේ උදේ නවයට කාපු ගමන්. අපේ ගෙවල් වලට යන්න හරි තෙල් ටික දෙන්න කියලා තමයි අපි කියන්නේ. නැත්නම් අපිට යන එන මං නැතිවෙනවා.”

වෙල්ලස්සේ ජී.අයි. රොෂාන්

Related posts

President says that it is a shame failing to identify the true identity of the terrorist and a war hero

Mohamed Dilsad

US approves a grant of $480 million to SL

Mohamed Dilsad

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment