Trending Newsඑසැන පුවත්දේශීය

ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල දැනට පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හී ජල මට්ටම ශීඝ්‍රයෙන් පහල බසිමින් පවතින අතර උෂ්ණාධික බව නිසා ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහල මට්ටමක පවතින බව එම ප්‍රකාශ කරයි.

එමනිසා පානීය ජල සැපයුම සීමා සහිත වන බැවින් එය සැමගේ අත්‍යවශ්‍ය පානීය හා සනීපාරක්ෂක කටයුතු වලට සමසේ බෙදාහැරීය යුතු බව දැනුම් දී තිබේ.

එබැවින් වාහන සේදීම, ගෙවතු වගාව ඇතුලු අත්‍යවශ්‍ය නොවන කටයුතු වලට ජලය භාවිතා කිරීම අවම කොට අත්‍යවශ්‍ය දෛනික කටයුතු වලට පමණක් භාවිතා කරන මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ඉල්ලීමක් කරයි.

මෙවැනි තත්ත්වයක් ඇති වූ විට පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීමේදී උස්බිම් ප්‍රදේශ වල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදි අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකියි.

කෙසේවුවත් මෙම වියලි හා අයහපත් කාලගුණික තත්ත්වය නිසා ජනතාවට මුහුණ දීමට සිදු වී තිබෙන දුෂ්කරතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණගාටුව ප්‍රකාශ කරයි.

විමසීම් – 1939 ඇමතුම් මධ්‍යස්ථානය

Related posts

2016 ஆம் ஆண்டுக்கான நிதி ஆணைக்குழுவின் அறிக்கை ஜனாதிபதியிடம் கையளிப்பு

Mohamed Dilsad

ත්‍රිපිටකය ගැන ගත් අලුත්ම තීරණය

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ට නව නිලධාරීන් පත් වෙති.

Editor O

Leave a Comment