Trending Newsඑසැන පුවත්දේශීය

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා යළි බන්ධනාගාර ගත කරයි

වැඩතහනම් කර, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය තවදුරටත් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය. 

ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි වරදකරුවකු පොදු සමාව යටතේ නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

South Africa, Windies split points after washed-out game

Mohamed Dilsad

Online anger over Priyanka Chopra’s legs

Mohamed Dilsad

‘ඉන්ධන බෙදන අංක සූත්‍රය එළියට’ – සතියට මාසෙට තෙල් දෙන හැටි මෙන්න

Mohamed Dilsad

Leave a Comment