දේශීය

‘ඉන්ධන බෙදන අංක සූත්‍රය එළියට’ – සතියට මාසෙට තෙල් දෙන හැටි මෙන්න

(UTV | කොළඹ) – ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීම අද සිදුකෙරෙනවා.

මේ යටතේ සෑම රථයකටම සතියකට නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් හිමිවන බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ.

මේ අනුව එක් ජාතික හැඳුනුම්පතක් යටතේ ලියාපදිංචි කල හැකිවනුයේ එක් වාහනයක් පමණයි.

වාහන චැසි අංකය සහ අනෙකුත් තොරතුරු ලියාපදිංචි කිරීමෙන් අනතුරුව කිව් ආර් කේතයක් නිකුත් කිරීම සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා.

ඒ අනුව වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව සතියට දින 02 ක් අදාළ කිව් ආර් කේතය භාවිත කර ඉන්ධන ලබාගැනීමට ජනතාවට අවස්ථාව උදා වනවා.

Related posts

ඉදිරි නිවාඩු දින වෙනුවෙන් අතිරේක දුම්රිය ගමන්වාර කිහිපයක්

Editor O

විදෙස් ගතව සිටි තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 300 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment