දේශීය

‘ඉන්ධන බෙදන අංක සූත්‍රය එළියට’ – සතියට මාසෙට තෙල් දෙන හැටි මෙන්න

(UTV | කොළඹ) – ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීම අද සිදුකෙරෙනවා.

මේ යටතේ සෑම රථයකටම සතියකට නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් හිමිවන බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ.

මේ අනුව එක් ජාතික හැඳුනුම්පතක් යටතේ ලියාපදිංචි කල හැකිවනුයේ එක් වාහනයක් පමණයි.

වාහන චැසි අංකය සහ අනෙකුත් තොරතුරු ලියාපදිංචි කිරීමෙන් අනතුරුව කිව් ආර් කේතයක් නිකුත් කිරීම සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා.

ඒ අනුව වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව සතියට දින 02 ක් අදාළ කිව් ආර් කේතය භාවිත කර ඉන්ධන ලබාගැනීමට ජනතාවට අවස්ථාව උදා වනවා.

Related posts

ප්‍රභල වෛරස් ප්‍රභේද රටපුරා ව්‍යාප්තව ඇත්ද යන්න අවසන් වාර්තාව අද

Mohamed Dilsad

කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් ලංකාවට ඇති අත්දැකීම් බෙදාගැනීම අපේක්ෂාවයි [VIDEO]

Mohamed Dilsad

සජිත් අගමැති ධූරය භාර ගැනීමට තීරණය කෙරේ

Mohamed Dilsad

Leave a Comment