විදෙස්

අමෙරිකා ජනපති – සෞදි සල්මාන් කුමරුන් අතර සාකච්ඡාවක්

(UTV |  සෞදි අරාබියාව) – නිල සංචාරයක් සඳහා සෞදි අරාබියට පැමිණි අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සහ එරට ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

2018 වසරේදී තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනය කල මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජිගේ මරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී කුමරුන්ගේ අවධානය යොමුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම ඝාතනයට සෞදි රජ පවුලේ සෘජු සම්බන්ධයක් ඇති බවටයි අමෙරිකාව මුල සිටම චෝදනා කළේ.

මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජි සෞදි රජය දැඩි ලෙස විවේච්චනය කල අයෙකු වීම ඊට හේතුවයි.

Related posts

ජපානයේත් කොරෝනා අවධානම ඉහළට

Mohamed Dilsad

අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං ට, නාමල් රාජපක්ෂ අවසන් ගෞරව දක්වයි

Editor O

අමෙරිකාවේ කාලගුණය හදිසියේම වෙනස් වෙයි

Mohamed Dilsad

Leave a Comment