දේශීය

මිනුවන්‌ගොඩ වෙඩිතැබීමකින් දෙදෙනෙකුට තුවාල

මිනුවන්ගොඩ, බොර‌ගොඩවත්ත ඔස්ටින් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

 

පොලීසිය සඳහන් කළේ ඊයේ (17) රාත්‍රී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට එලෙස වෙඩිතබා ඇති බවය.

 

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මිනුවන්‌ගොඩ රෝහලට ඇතුළු කිරීමෙන් පසු ගම්පහ රෝහලට මාරුකර යවා ඇති බව වාර්තා වෙයි.

 

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 33 හැවිරිදි සහ 43 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

 

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසීය.

Related posts

20 වන සංශෝධනයේ වගන්ති දෙකක් ඉවත් කෙරේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකට එන්තරාවාසියක් යවයි

Mohamed Dilsad

Leave a Comment