දේශීය

මිනුවන්‌ගොඩ වෙඩිතැබීමකින් දෙදෙනෙකුට තුවාල

මිනුවන්ගොඩ, බොර‌ගොඩවත්ත ඔස්ටින් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

 

පොලීසිය සඳහන් කළේ ඊයේ (17) රාත්‍රී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට එලෙස වෙඩිතබා ඇති බවය.

 

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මිනුවන්‌ගොඩ රෝහලට ඇතුළු කිරීමෙන් පසු ගම්පහ රෝහලට මාරුකර යවා ඇති බව වාර්තා වෙයි.

 

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 33 හැවිරිදි සහ 43 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

 

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසීය.

Related posts

‘නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන ඛේදජනකම කම්කරු දිනය මෙවරයි’

Mohamed Dilsad

මැතිවරණ කොට්ඨාස 22කින් ඡන්ද බලප්‍රදේශ 160ක් වෙනුවෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා ගන්නා විදිය.

Editor O

ගෝල්ෆේස් මහජන අරගලයට දින 100 ක්

Mohamed Dilsad

Leave a Comment