දේශීය

‘නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන ඛේදජනකම කම්කරු දිනය මෙවරයි’

(UTV | කොළඹ) – නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදකාරීම සහ ඛේදජනකම කම්කරු දිනය මෙවර උදාවී ඇතැයි මැයි දින පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රජයේ අත්තනෝමතික ක්‍රියාකලාපය හමුවේ මෙවර මැයි දිනය කලු මැයි දිනයක් ලෙස සැමරීමට මෙරට වැඩ කරන ජනතාවිට සිදුවී ඇතැයිද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

බලයට පත්වී මෙතරම් කෙටි කලක් තුළ රටේ ජනතාවගේ සමස්ත බලාපොරොත්තු විනාශ කල ආණ්ඩුවක් මින් පෙර ඉතිහාසයේ හමුවී නැතැයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා.

මෙවර කම්කරු දිනය මෙම ආණ්ඩුව යටතේ සමරනු ලබන අවසාන මැයි දිනය බවට පරිවර්තනය කර ගත යුතු බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කර ඇති කම්කරු දින පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

Related posts

දකුණු කොරියාවේ කොරෝනා රෝගීන් ඉහළට

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය ලබන 20 වැනිදායින් ඇරඹේ

Mohamed Dilsad

පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් හය දෙනා, 29 වෙනිදා තෙක් යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment