Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ලංකා බැංකුව, අලුත් අවුරුදු සමයේ, රුපියල් බිලියන 666ක ගනුදෙනු කරමින් වාර්තාවක් තබයි.

ලංකා බැංකුව, 2025 අලුත් අවුරුදු සමයේ දී රුපියල් බිලියන 666කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම තුළින් මෙරට බැංකු ක්ෂේත්‍රයේ නායකත්වය යළි තහවුරු කිරීමට සමත් වූ බව ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා පැවැසීය.

2025 අප්‍රේල් 01 සිට 15 දක්වා කාලය තුළ ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන් POS යන්ත්‍ර ඔස්සේ ගනුදෙනු 3, 236, 318ක් සිදු කර ඇති අතර, එහි වටිනාකම රු. බි. 13.57කි.

 එමෙන් ම අදාළ කාල සීමාව තුළ බැංකුවේ 568ක් වූ ATM ජාලය හා 932ක් වූ CRM ජාලය ඔස්සේ සිදු කෙරී ඇති ගනුදෙනු 9, 173, 642ක වටිනාකම රු. බි. 211.97කි. අප්‍රේල් 7 සිට 12 දක්වා, ලංකා බැංකු ශාඛා 658 හරහා සිදු කෙරුණු ගනුදෙනු 961, 966ක මුළු වටිනාකම රුපියල් බිලියන. 440.4කි.

-සිළුමිණ-

Related posts

ලක්ෂ්මන් කිරිඇල්ල දේශපාලනයෙන් සමුගනී.

Editor O

මගී නෞකාවක් පෙරළී 38ක් අතුරුදන්

Editor O

கூட்டு ஒப்பந்தம் தொடர்பான பேச்சுவார்த்தை இன்று

Mohamed Dilsad

Leave a Comment