Trending Newsඑසැන පුවත්දේශීය

යතුරුපැදි ධාවනයේ දී හැර සෙසු අවස්ථාවල හෙල්මට් පැළඳ සිටින පුද්ගලයන් ගැන පරීක්ෂා කරන ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස්

ආරක්ෂිත හිස් වැසුම් පැළද සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරින්ට සඳහා උපදෙස් දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය මේ බව දැනුම් දී තිබේ. පසුගිය කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාධ සඳහා සැකකරුවන් පැමිණීමේදී හිස හා මුහුණ ආවරණය වන පරිදි හිස් වැසුම් පැළඳ අපරාධ සිදු කර ඇති බව නිරික්ෂණය වී ඇති බව පොලීසිය පවසයි.

හිස්වැසුම් පැළඳ සිටීම අවශ්‍ය වනුයේ යතුරුපැදියක ගමන් කරන අවස්ථාවන්හිදී වන අතර එය පැදිකරුගේ හා පසුපැදිකරුගේ ආරක්ෂාව සඳහා පමණක් වේ.

එබැවින් යම් පුද්ගලයෙකු යතුරුපැදියක ගමන් නොකරන අවස්ථාවකදී ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන බව නිරික්ෂණය වූ විට එම පුද්ගලයා සහ ඔහු සන්තකයේ ඇති බඩු බාහිරාදිය පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරීන් සඳහා උපදෙස් ලබා දී ඇත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ

Related posts

බොරැල්ලේ විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

Panadura North OIC interdicted over missing T-56 riflesP

Mohamed Dilsad

அரச வெசாக் மகோற்சவம் நாளை ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment