දේශීය

බොරැල්ලේ විශේෂ මෙහෙයුමක්

බොරැල්ල පොලිස් වසම ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහයුමකින් සැකකරුවන් 35ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම සෝදිසි මෙහෙයුම පොලීසිය, පොලිස් විශේෂ බළකාය සහ යුද හමුදා නිලධාරීන් ඒකාබද්ධව ඊයේ (11) සිදුකර තිබුණි.

 

එහිදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 350ක් සමග සැකකරුවන් දෙදෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 15ක් සමග සැකකරුවන් සිව්දෙනෙක්, ගංජා ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 35ක් සමග සැකකරුවන් පස්දෙනෙකු සහ ගංජා මිශ්‍ර මදනමෝදක 91ක් සමග සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.

 

මීට අමතරව කඩු 02ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු, විවෘත වරෙන්තුකරුවන් දෙදෙනෙකු හා සැකපිට ප්‍රශ්නකිරීම සඳහා සැකකරුවන් 19දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

 

මේ අතර හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සන්තකයේ තිබී හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකරනු ලබන රුපියල් 26,75,440න් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු භාරයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරනු ලබන රුපියල් 2,15,000ක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

 

සැකකරුවන් අද (12) අලුත්කඩේ හා මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

රිෂාඩ්ගේ පෙත්සම සලකා බැලීමෙන් විනිසුරුවන් ඉවත් වීම ගැන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

කොවිඩ් මර්දන කමිටුව ගත් අලුත් තීරණ [RELEASE]

Mohamed Dilsad

අසාද් සාලි රෝහල් ගත කරයි

Mohamed Dilsad

Leave a Comment