Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකක් දුප්පත් – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව නැවත යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද   ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ දරිද්‍රතාවයට පත්ව හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක සිටින බව ලෝක බැංකුව පවසයි.

මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ  අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා මේ බව පැවසීය.

ආර්ථිකය ප්‍රකෘතිමත් වීම සෑම කෙනෙකුටම බලපාන සහ  විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූවන්ට ප්‍රතිලාභ ලැබෙන බව සහතික කිරීම සඳහා, රැකියා නිර්මාණය කරන සහ දුප්පතුන්ට සහාය වන ප්‍රතිපත්ති කෙරෙහි ශ්‍රී ලංකාවට අවධානය යොමු කළ හැකි බව ද ලෝක බැංකුවේ ද්විවාර්ෂික ‘Sri Lanka Development Update’ නම්  වාර්තාව ප්‍රකාශයට පත්කරමින් ඩේවිඩ් සිස්ලන් මහතා සඳහන් කරයි.

“Stay on Track” යන මාතෘකාවෙන් නිකුත් කර ඇති මෙම වාර්තාවෙන් ධනාත්මක ආර්ථික වර්ධනය සහ මූල්‍ය කාර්ය සාධනය තිබියදීත්, ශ්‍රී ලංකාව හමුවේ සැලකිය යුතු අභියෝග තවමත් පවතින බව ඉස්මතු කරන බව ද අවධාරණය කර ඇත.

-දිවයින-

Related posts

மரண தண்டனையை இரத்து செய்வதற்கான தீர்மானம் கொண்டு வரப்பட்டால் அது தேசிய துக்க தினமாகும்

Mohamed Dilsad

ආපදා, වරාය සහ කම්කරු අමාත්‍යාංශ වැයශීර්ෂ තුනක් විවාදයට

Mohamed Dilsad

மொட்டுவை மோப்பமிடும் சிவப்பு தொப்பிகள் 

Mohamed Dilsad

Leave a Comment