Trending Newsඑසැන පුවත්දේශීය

අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් පිරිසක් එම පැමිණිල්ල ගොනු කර තිබේ.

තමා අදහන දෙවියන් ප්‍රභාකරන් බව ට වූ ප්‍රකාශයක් අදාළ මන්ත්‍රීවරයා විසින් ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කර තිබේ. එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි ඉල්ලමින් සිවිල් ක්‍රියාකාරිකයින් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තුව ආරම්භක දිනයේදීම මන්ත‍්‍රීවරුන්ට අසුන් වෙන් කර නොතිබූ බැවින් මන්ත්‍රීවරුන්ට ඕනෑම අසුනක අසුන්ගැනීමට අවස්ථාව සලසා දී තිබිණ.එහිදී මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මැතිසබයේ විපක්ෂ නායකට පිරිනැමෙන අසුනේ වාඩිවීම හේතුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරියෙක් සමග වාදයකද පැටළුනි.

Related posts

New Zealand won toss, bat in first ODI

Mohamed Dilsad

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අනුර විදානගමගේ පත් කරයි.

Editor O

සජිත් මහ මැතිවරණයට එන දිස්ත්‍රික්කය පිළිබඳ හෝඩුවාවක්

Mohamed Dilsad

Leave a Comment