Trending Newsඑසැන පුවත්දේශීය

අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් පිරිසක් එම පැමිණිල්ල ගොනු කර තිබේ.

තමා අදහන දෙවියන් ප්‍රභාකරන් බව ට වූ ප්‍රකාශයක් අදාළ මන්ත්‍රීවරයා විසින් ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කර තිබේ. එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි ඉල්ලමින් සිවිල් ක්‍රියාකාරිකයින් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තුව ආරම්භක දිනයේදීම මන්ත‍්‍රීවරුන්ට අසුන් වෙන් කර නොතිබූ බැවින් මන්ත්‍රීවරුන්ට ඕනෑම අසුනක අසුන්ගැනීමට අවස්ථාව සලසා දී තිබිණ.එහිදී මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මැතිසබයේ විපක්ෂ නායකට පිරිනැමෙන අසුනේ වාඩිවීම හේතුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරියෙක් සමග වාදයකද පැටළුනි.

Related posts

සුපිළිපන් මැතිවරණයක් තියනවා – සැකයක් තියා ගන්න එපා – මැ.කො. කියයි.

Editor O

ஐ.தே.க வின் விஷேட மத்திய செயற்குழு கூட்டம் இன்று

Mohamed Dilsad

‘என்டர்பிரைஸ் ஸ்ரீலங்கா’ தேசிய கண்காட்சியில் கைத்தொழில் மற்றும் வர்த்தக அமைச்சின் காட்சிக்கூடங்கள்

Mohamed Dilsad

Leave a Comment