Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි.

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් අතර සුවිශේෂී හමුවක් අද (22) කොළඹ දී පැවැත්විණ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා, නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කැට්සිරයානා සිවිරිඩෙසෙන්කා මහත්මිය, නේවාසික නියෝජිත මාර්තා වොල්ඩෙමිකල් මහත්මිය සහ දේශීය ආර්ථික විශේෂඥවරියක් වන මානවී අබේවික්‍රම මහත්මිය ද එම හමුවට සහභාගී වූහ.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති බංකොලොත්භාවයෙන් මිදීමට පවතින ක්‍රමවේද සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වූහ. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියාසි⁣ටියේ, වර්තමානය වන විට ජනවරමකින් බිහි වූ රජයක් සහ ජනාධිපතිවරයකු සිටින බැවින් හිටපු රජය අත්සන් කළ ගිවිසුම වෙනස් කර ජනතාවාදී ගිවිසුමකට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුවිය යුතු බවය

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, හර්ෂණ රාජකරුණා, එස්. එම්. මරික්කාර්, මුජිබර් රහුමාන්, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන සහ ආර්ථික විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා යන මහත්වරුන් එක්විය.

.

Related posts

இந்தியன் 2 படத்தில் காஜல் அகர்வால்

Mohamed Dilsad

பாராளுமன்ற தெரிவுக்குழு இன்று கூடுகின்றது

Mohamed Dilsad

Education Ministry directs students to wear clothes to protect from mosquito bites

Mohamed Dilsad

Leave a Comment