Trending Newsඑසැන පුවත්දේශීය

නිල නිවාස එපා කියූ මාලිමාවේ මන්ත්‍රීවරු, මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සඳහා පොරකති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවරු මාදිවල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලමින් අලුතින් පත්වූ මන්ත්‍රීවරු ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබේ. මේ වන විටත් ඒ සඳහා නවක මන්ත්‍රීවරු තිස්පස් දෙනකු අලුතින් ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග වාර්තා කරයි. ඉන් බහුතරය ජාතික ජනබලවේගයේ අය බවද සඳහන්.

මාදිවෙල පිහිට නිවාස නවක මන්ත්‍රීවරුන්ට ලබාදීම එළඹෙන තුන් වෙනිදා ආරම්භ කෙරේ. එම නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගත හැක්කේ කොළඹ සිට කිලෝමීටර් හතළිහක් ඇතුලත නිවසක් නොමැති මන්ත්‍රීවරුන්ට පමණි. මන්ත්‍රීවරුන්ට එම නිල නිවාස ලබා දීම සඳහා මේ දිනවල එම නිවාස සංකීර්ණයේ ප්‍රතිසංස්කරණය කර කටයුතු සිදුකරමින් තිබේ. මෙම නිවාස සංකීර්ණයේ නිවාස 116ක් තිබේ.

Related posts

Bangladesh rest Shakib for Sri Lanka ODIs

Mohamed Dilsad

மனோஜ் சிறிசேனவை நியமிக்கும் வர்த்தமானி வெளியீடு

Mohamed Dilsad

Man arrested over illegally imported cigarettes

Mohamed Dilsad

Leave a Comment