Trending Newsඑසැන පුවත්දේශීය

අධ්‍යාපනයේ අලුත් වෙනසක්

ජාතික අධ්‍යාපන ආයතනය ඇතුළු ආයතනික ව්‍යුහයන් හරහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධ යෝජනාවලි ඉදිරිපත්ව ඇති බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පසුගිය පස් වසර තුළ අනුගමනය කළ විවිධ ක්‍රියාදාමයන් සමාලෝචනය කිරීමට අධ්‍යාපන , උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කරයි.

ඉදිරිපත්වූ යෝජනා ප්‍රයෝගිකව ක්‍රියාත්මක වීමේ ගැටළු හඳුනාගෙන, අදාළ යෝජනා හා ක්‍රියාපිළිවෙත් සමාලෝචනයෙන් පසු වත්මන් රජයේ ප්‍රතිපත්ති සමග ගැලපෙන පරිදි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් කඩිනමින් හඳුන්වා දෙන බව ලේකම්වරයා සඳහන් කළේය. සිසුන්ට පීඩනයක් ඇති නොවන නූතන රැකියා වෙළෙඳපොළට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් බිහි කිරීම වත්මන් රජයේ අරමුණ බව ලේකම්වරයා කීවේය.

Related posts

ව්‍යාපාර ණය යෝජනා ක්‍රමය අදින් ඇරඹේ

Mohamed Dilsad

කෘෂිකර්ම අමාත්‍යාංශය බත්තරමුල්ල ගොවිජන මන්දිරයට

Mohamed Dilsad

Zebra shot dead after causing accident on German autobahn

Mohamed Dilsad

Leave a Comment