Trending Newsඑසැන පුවත්දේශීය

වත්මන් ආණ්ඩුව පොලිම් යුගයක් නිර්මාණය කරමින් ඉන්නවා – සජිත් ප්‍රේමදාස

වර්තමාන නව ආණ්ඩුව යටතේද රට තුළ තව තවත් පෝලිම් නිර්මාණය වෙමින් ඇතැයි සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. කොළඹ නගරයේ පැවති ජනරැළියක දී, හෙතෙම මේ බව කීවේය. .

‘සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. වත්මන් ජනාධිපතිවරයා අපේක්ෂකයකු ලෙස බදු අඩු කරන බව පැවැසුවත් තවමත් බදු අඩු කරන්න බැරිවෙලා. ඔහු ජනතාවට ලබා දුන් පොරොන්දු කඩ කරමින් ජනතාව අතරමං කරමින් සිටිනවා.

මේ වන විට ජීවන බර වැඩි වීම නිසා ජනතාව ජීවත්වන්නේ අමාරුවෙන්. සහන දෙනවා, බඩුමිල, ඉන්ධන මිල අඩු කරනවා යැයි වේදිකාවේ කිව්වත් ඒ එකක්වත් කරන්න බැරිව රජය තවත් පෝලිම් යුගයක් නිර්මාණය කර තිබෙනවා. පොල් පෝලිම්, පාස්පෝට් පෝලිම් තවමත් තිබෙනවා. අත්‍යාවශ්‍ය ආහාරවල ද මිල වැඩි වී තිබෙනවා යැයි ද කීවේය.

Related posts

සහල්, සීනි, අල, ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සීමාවක්

Editor O

සපුගස්කන්ද යළිත් දැවි තෙල් අර්බුදයක

Mohamed Dilsad

Death toll in Sri Lanka Easter blasts climbs to 310 [UPDATE]

Mohamed Dilsad

Leave a Comment