Trending Newsඑසැන පුවත්දේශීය

පළමු වටයේ සමස්ත ප්‍රතිඵළ ය මෙන්න.

ජනාධිපතිවරණයේ පළමු මනාපයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵළය නිකුත් කර තිබේ. ඒ අනුව අනුර දිසානායක වැඩි ඡන්ද 1,271,880 ක් ඉදිරියෙන් සිටී. මැතිවරණ කොට්ඨාස 22න් 15ක් අනුර දිසානායක ජයගත් අතර, සජිත් ප්‍රේමදාස මැතිවරණ බලප්‍රදේශ 07ක් ජය ගත්තේය. කෙසේ නමුත් ජනාධිපතිවරයා බවට පත්වීමට ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක ට, එක් ඡන්දයක් අවම වශයෙන් වැඩියෙන් ලබා ගත යුතුය. එනමුත් වැඩිම ඡන්ද ලැබූ අනුර දිසානායක ලබාගෙන ඇති ප්‍රතිශතය 42.315කි. එබැවින් ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයන් දෙදෙනෙකු වන සජිත් ප්‍රේමදාස මහතා සියයට 32.76% ප්‍රතිශතයක් ද, රනිල් වික්‍රමසිංහ මහතා සියයට 17.27% ක ප්‍රතිශතයක් ද ලබාගෙන තිබේ.

මෙවර ජනාධිපතිවරයා බවට පත්වීමට අවමය ඡන්ද 6659809 තනිව ලබා ගත යුතුය. එය ලබා ගත හැකිද ? ඒ වෙනුවෙන් දෙවෙනි මනාපය ගණනය කිරීම අරඹා ඇත.

පළමු මනාපයට අදාළ ප්‍රධාන අපේක්ෂකයන් ලැබූ ඡන්ද සංඛ්‍යාව පහතින් දක්වා ඇත.

අනුර දිසානායක 5,634,915 42.31%

සජිත් ප්‍රේමදාස 4,363,035 32.76%

රනිල් වික්‍රමසිංහ 2,299,767 17.27%

නාමල් රාජපක්ෂ 342,781 02.57%

ලියාපදිංචි ඡන්ද17,140,354
ප්‍රකාශිත ඡන්ද13,619,91679.46%
ප්‍රතික්ෂේපිත ඡන්ද300,3001.75%
වලංගු ඡන්ද13,319,61677.71%

Related posts

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැන නීතිපතිට නියෝගයක්

Mohamed Dilsad

මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට අදාළ අංශයන්ට ජනපති උපදෙස්

Mohamed Dilsad

புதிய குடியுரிமை சட்டத்திற்கு எதிர்ப்பு தெரிவித்து மாணவர்கள் போராட்டம் [VIDEO]

Mohamed Dilsad

Leave a Comment