Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාවේ නව වෙනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක – වැඩ බාර ගැනීම හෙට (23)

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වූ සභාපති ආර්.එම්.එල්.ඒ රත්නායක මහතා එම නිවේදනය ඉදිරිපත් කළේය. මෙම මැතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,740,179කි. දෙවන ස්ථානයට පත් වූ සජිත් ප්‍රේමදාස මහතාට ලබාගැනීමට හැකි වූයේ ඡන්ද 4,530,902ක් පමණි. එම අවස්ථාවට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සියලුම අපේක්ෂකයින් සියලු දෙනා සහභාගී වූහ.

ජාතික ජන බලවේගයේ නායක ලෙස මෙතෙක් කාලයක් කටයුතු කළ, අනුර කුමාර දිසානයක මහතා හෙට (23) දිනයේ දී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස වැඩ බාර ගැනීමට නියමිත බව සදහන් . .

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට ”යූටීවී මාධ්‍ය ජාලයේ”” සුබපැතුම් පිරිනමමු.

Related posts

තීරුබද්ද ක්‍රියාත්මක කිරීම මාස තුනකට කල් දැමීමට ඇමෙරිකා ජනාධිපතිගෙන් තීරණයක්

Editor O

முஸ்லிம் சமய கலாசார மற்றும் தபால் துறை அமைச்சின் கீழ் மாபெரும் நடமாடும் சேவை…

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අවභාවිත කරමින් සිදුකරන ජාවාරමක් ගැන අනාවරණයක්

Editor O

Leave a Comment